Tuesday, October 31, 2017

යාපනය





  යාපනේ හෙවත් යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.

ඉතිහාසය

  ක්‍රිස්තු වර්ෂ 11වන සියවස තෙක් ප්‍රධාන වශයෙන් සිංහලයින් සහ දකුණු ඉන්දීය වෙළන්දුන් ගැවැසි නුව‍රක් වූ මෙම නුව‍ර 11 සිට 15වන සියවස දක්වා මලබාර-දෙමළ ජාතික ප්‍රාදේශීය රජ ප‍රපුරක අගනුව‍ර විය.[තහවුරු කරන්න] ඉන්පසුව පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතික පාලනයට යටත්ව, ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානයක්ව පැවතුණි.

ත්‍රස්තවාදී යුගය

  ක්‍රි. ව. 1948න් පසුව කෙටි සෞභාග්‍යයක් දුටුවද ක්‍රි. ව. 1983න් පසුව ඇරඹි, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් විශාල පිරිහීමක් සිදුව තිබේ. 1981දී එවකට පැවති රජයට සම්බන්ධ කල්ලියක්[තහවුරු කරන්න] විසින් ගිනි තබා විනාශ ක‍රන තුරු, යාපනයේ පැවති පුස්තකාලය දකුණු ආසියාවේ පිහිටි විශාලතම වූත් වටිනාම පොත් රැසක් තිබූ පුස්තකාලය විය. මෙය මෑතදී පිළිසක‍ර ක‍ර නැවත විවෘත ක‍ර ඇත්තේ යාපනයට නැවත සාමයේ අරුණළු ගෙනෙමිනි.




නැරඹිය හැකි ස්ථාන

* නල්ලූර් කෝවිල 
* යාපනය කොටුව 
* නාගදීප පුරාණ විහාරය 
* නාග පූශාණි අම්බල් කෝවිල 
* ඩෙල්ෆ් දූපත 
* යාපනය පුස්තකාලය 
* Casuarina වෙරළ 
* අලිමංකඩ 
* Kantharodai විහාරය
* දඹකොළ පටුන සංඝමිත්තා විහාරය 
* කයිට්ස් දූපත් 
* කීරිමලෙයි උණු දිය උල්පත් 
* නිලාවරෙයි පතුල නොපෙනෙන ලිඳ 
* නගුලේශ්වරම් කෝවිල 
* නල්ලුර් කන්දස්වාමි කෝවිල 
* මරුතනමඩම් අන්ජනේයාර් කෝවිල 

No comments:

Post a Comment