Tuesday, October 31, 2017

මාතර




      මාතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් වන අතර එය කොළඹ සිට කි.මි. 160 දුරින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර මාතර නගරය මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන නගරය ද වේ.


මාතර නගරය පහත සඳහන් ප්‍රධාන සංචාරක ආකර්ෂණ වලින් යුක්ත වේ.

වෙහෙරහේන රජමහා විහාරය - වෙහෙරහේන පූර්වාරාම රජමහා       විහාරස්ථානය මාතර පිහිටි උමං විහාරයක් සහිත බෞද්ධ   සිද්ධස්ථානයකි.
මාතර බෝධිය - මාතර බෝධිය එහි පිහිටි පූජනීය බෝ වෘක්ෂයකි.
පරවි දූව - මාතර වෙරළ ආශ්‍රිතව පිහිටි බෞද්ධ පුදබිමක් සහිත කුඩා   දිවයිනකි.
මාතර බලකොටුව - පෟතුගීසීන් විසින් 1560 වර්ෂයේදී ඉදිකරනු ලැබූ   බල කොටුවක් වේ. ගාල්ල යටතු කර ගැනීමත් සමග ලන්දේසීන් විසින්   1640 වසරේදී නැවත ගොඩනගන ලදී.
මාතර ඔරලෝසු කණුව - මාතර බලකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි   පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන් විසින් මෙරට   ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවක් වේ.
මාතර තාරකා කොටුව - 1761 වර්ෂයේදී ලන්දේසීන් විසින් ඉදිකිරීම්   ආරම්භ කරන ලද මාතර පිහිටි තාරකා කොටුව 1765 වර්ෂයේදී නිමවන   ලදී.
වේරගම්පිට රජ මහා විහාරය - මාතර පිහිටි පැරණි බෞද්ධ පුදබිමක්   වේ.


උපුටා ගැනීම - https://en.wikipedia.org/wiki/Matara,_Sri_Lanka

No comments:

Post a Comment