Tuesday, August 29, 2017

නුවර එලිය





        නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

       නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.

        මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ඝතම තේ වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.



දේශගුණය

          මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇති හෙයින් නුවරඑළියේ පවතින්නේ ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි . ශිශිර කාලයට අයත් මාස වලදී (ජනවාරි සිට මාර්තු), රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි දිනක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එසේම මෙම කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුමක් ද ඇති ‍වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මවයි.

           මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. මෙම කාලයේ දී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිතදිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇද හැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යයාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි.

           ඔක්තෝම්බර් සහ නොවැම්බරයේ දී දෙවන අනත්ර් මෝසම සක්‍රිය වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශානදිග මෝසම සක්‍රීය වෙයි. මෙම කාල වලදී සාමාන්‍යයෙන් අනෙක් කාල වලට වඩා වර්ෂාපතනය වැඩිය.



සැණකෙළි

          සිංහල හා දෙමළ අවුරුදු සමය එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී වේ. ඒ මන්ද යත් අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙලි සමය නිසාය. මෙම වසන්ත සැණකෙලි සමයේ සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1වනදා යින් නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල් වලට අයත් තූර්ය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ.

        මෙසමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙලි, ඡායාරූප ප්‍රදර්ශණ ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන 4x4 'ලේක් ‍ක්‍රොස්’ තරඟයි. ඵහි උච්චතම අවස්ථාව වන්නේ පරලෝම 9 (මීටර 1811) ආණ්ඩුකාර කුසලානයයි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ.


සංචාරක ආකර්ෂණ




ලෝකාන්තයේ සිට දසුනක්




සීතා අම්මාන් කෝවිල, හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි

හෝර්ටන් තැන්න - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය.

ලෝකාන්තය - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි.

බේකර්ස් ඇල්ල - බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.

ග්‍රෙගරි වැව - නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.

ලවර්ස් ලීප් ඇල්ල - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.

සීතා අම්මාන් කෝවිල - හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට හක්ගල උද්භිද උද්‍යානයහමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.

නුවරඑළිය තැපැල් කාර්යාලය - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.

වික්ටෝරියා උද්‍යානය - නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයක් වේ. 1987 වර්ෂයේ යෙදී තුබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කොට තිබේ. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා, කායුරු තිරසිකායා, ගෝමර තිරසිකායා, ලය කායුරු වී කුරුල්ලා, කාෂ්මීර රත් මැසිමාරා ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක.

ගැල්වේ කුරුලු උයන - ගැල්වේ කුරුළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.


වෙනත්


විලියම් රොජර්ස් සොහොන - ගොල්ෆ් පිටියක කෙලවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එක් විෂේෂ ස්ථානයක් වේ[1]. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලිඇතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රැත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.

       නගරයේ ආකර්ෂණිය අනෙකුත් දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය, කන්දේ ඇල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන මං පෙත් තරණය ආදිය මින් සමහරකි .

       මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[2] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [3] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [4] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.


සිතියම්

නගර සිතියම



උපුටා ගැනීම - https://en.wikipedia.org/wiki/Nuwara_Eliya

Monday, August 28, 2017

ගාල්ල



           

     ගාල්ල යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි අගනගරයයි. එය වර්ග සැතපුම් 6.5 ක් පුරා පැතිර පවතී. එය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කර ඇත. ගාල්ල පුරාණයේ සිටම වෙළද නගරයක් ලෙස ප්‍රසිද්ධව පවතී. ගාලු වරාය, ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම නිසාම සුවි‍ශේෂී වරායක් ලෙස ප්‍රසිද්ධව ඇති අතර ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ පැරණි බයිබලයේ සදහන් දකුණු ආසියාවේ මහා වෙළද නගරය වන ටර්ෂීෂ්, ගාල්ල විය හැකි බවයි.

          ගාල්ල නගරය සතුව පවතින පාසල් අතර ඇලෝසියස් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය, සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය, සංඝමිත්ත බාලිකා විද්‍යාලය, රිපන් බාලිකා විද්‍යාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මෙම නගරය අනාධිමත් කාලයක සිට රේන්ද කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

          ගාල්ල නගරයෙන් බිහිවූ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර , මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ප්‍රමුඛ වේ.


ගාල්ල තුල නැරඹිය හැකි ස්ථාන

01. ගාලු කොටුව - මෙය පෘතුගීසින් විසින් ක්‍රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද බලකොටුවකි.

02. ගාල්ල ප්‍රදීපාගාරය - පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නයෙන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියවිසිනි.

03. ගාලු කොටුව ඔරලෝසු කණුව - ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

04. රූමස්සල කන්ද - ගාල්ල පිහිටි රූමස්සල කන්ද හේතුවෙන් ද නගරය ප්‍රසිද්ධ වී ඇත. ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ.

05. ගාල්ල ජාතික කෞතුකාගාරය - මෙරට ජාතික කෞතුකාගාර හතර අතුරින් ගාල්ල පිහිටුවා ඇති කෞතුකාගාරය වේ.

06. සමුද්‍ර කෞතුකාගාරය, ගාල්ල - මෙරට සමුද්‍ර කෞතුකාගාර ද්විත්වය අතුරින් ගාල්ල පිහිටුවා ඇති සමුද්‍ර කෞතුකාගාරය වේ.


බෙන්තර සිට ගාල්ල දක්වා මාර්ගයේදී

01. බෙන්තර ගලපාත විහාරය- මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාව වෙහෙර ගර්භයෙහි තැන්පත් කර ඇත. ගලපාත සෙල්ලිපිය ‍ශෛලමය ජල පෙරනය ආදිය දකුණු ලක බබලවයි.

02. අලුත්ගම කන්දේ විහාරය.- කි.ව. 1734 තරම් අතීතයට විහිදෙයි. කීර්ත් ශී රාජසිංහ රජු විසින් වැඩි දියුණු කර ඇත. ආරම්භයේ සිට මේ වන විට 10 වන භික්ෂු පරම්පරාව වැඩ වාසය කරති. මෙහි සීවලී මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වැඩ වාසය තරන අතර මෙහි තිබෙන බෝධීන් වහන්සේ අවුරැදු 250තට වඩා පැරණි ලෙස සැල‍කේ.

03. ‍කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්‍යස්ථානය.- වඳ වී යන උරඟ විශේෂයක් වන කැස්බෑවන්ගේ බිත්තර එකතු කර පැටවුන් සාදා මුහුදට මුදා හරී. විනෝදාත්මක සේම පරිසර හිතකාමී ක්‍රියාවකි.

04.මාදු ගඟ.- බලපිටිය ප්‍රදේශයේදී හමු වන පුළුල් පරාසයක විහිදෙන විලක තත්වය විහිදා පාන ගඟකි. අතීතයේ දූපත් 64කින් සමන්විත වූ බව පැවසේ. එහෙත් අද වන විට දක්නට හැක්කේ දූපත් 17ක් පමණ වේ. කඩොළාන බහුලව පවතින මෙහි බෝට්ටු, ඔරැ වලින් චාරිකා කිරීම,පිහිනීම ආදිය විනෝදය ගෙන දෙයි.

05. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෟතුකාගාරය.- ජර්මන් රජයේ ආධර ඇතිව පවත්වා ගෙන යන පෞද්ගලික කෞතුකාගාරයකි. පාරම්පරිකව පැවත එන ඉතා වටිනා වෙස් මුහුණ රාශියක් ප්‍රදර්ශනය වේ. වෙස් මුහුණු කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව විශාල දැණුමක්ද ලබා ගත හැක.

06. මීටියාගොඩ චන්ද්‍රකාන්ති මැණික් පතල.- චන්ද්‍රකාණ්ති පාෂාණ නොහොත් මූන්ස්ටෝන් මැණික් සඳහා මහත් සේ ප්‍රසිද්ධය. මැණික් කර්මාන්තය පිළිබඳ දැණුමත්ද ලබා ගත හැක.

07. තෙල්වත්තේ තොටගමුව රත්පත් රජ මහා විහාරය.- හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි විහාර චිත්‍ර බොහොමයක් නොනැසී පවතී. මහානාග කුමරු විසින් කරවන ලද්දක් වන මෙහි ක්‍රිස්තු වර්ෂ 7වන සියවසේ රහතන් වහන්සේලා වැඩ සිට ඇති බව පැවසේ. උන් වහන්සේ භාවිත කරන ලද දේද මෙහිදී දැක ගත හැකිය.

08. සීනි ගම දේවාලය.- දෙවොල් දෙවියන් සඳහා දප්පුල රජ දවස ඉදි කර ඇති බව පැවසේ. දේවාලයට යාම සඳහා ඔරුවක හෝ බෝට්ටුවක නැගී කෙටි දුරක් යා යුතු වේ. අතීතයේ පටන්ගම්මිරිස් ඇඔරීම නම් ක්‍රමය මඟින් වැරදිකරුවන්ට දඩුවම් ලබා දීම පිළිබඳ මෙම දේවාලය ප්‍රසිද්ධියක් උසුලයි.

09. හික්කඩුව කොරල් උයන.- ලෝකය පුරාම ඉතා ප්‍රසිද්ධයක් උසුලන මෙය 1998දී 'හික්කඩුව සමුද්‍ර රක්ෂිතය ලෙස නම් කර ඇත. හෙක්ටයාර 101කින් සමන්විත මෙය විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක වේ.

10. ගිංතොට ථුපාරාම විහාරය.- පොළොන්නරු සමයේදී ඉදි කරන ලද ගාලු දිසාවේ පැරණිතම විහාරය වේ. රජ රටින් පැන ආ සුගලා දේවිය සේනා සංවිධානය කිරීම මේ අසළ අම්පිටිය ග්‍රාමයේදී සිදු කර ඇත.

11. ගාලු කොටුව.- ලොව ඓතිහාසික ජීවමාන නගර අතරින් 04 වන ස්ථානය හිමි කර ගනී. ලන්දේසින් විසින්විශාල කළු ගල් උපයෝගී කර ගනිමින් දැවැන්ත පවුරක්ද , පරිපාලනයට අවශ්‍ය ගොඩනැඟිලිද ඉදි කර ඇත. ලන්දේසි පල්ලිය, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, ජාතික කෞතුකාගාරය සහ සමුදු කෞතුකාගාරය ආදියද මේ අතර පවතින වැදගත් ස්ථාන වෙයි.

ගාල්ල -වැලිගම ඒ-2 මාර්ගයේ දී

12. රූමස්සල කන්ද.- ඉතා දුර්ලභ වර්ගයේ ශාඛ වලින් යුතු, වර්ග ප්‍රමාණය හෙක්ටයාර 150කින් හා උසින් මීටර 100කින් සමන්විත වූ වන දහනකි. තෙත් කළාපයේ මෙන්ම වියළි කළාපයේ ශාඛ වර්ගද දක්නට ලැබෙන මෙහි සීමාව ලෙස වැල්ලේ දේවාලය සිට බොනවිස්ටා කොරල්පරය දක්වා මුහුද අද්දර සීමාව සැළකේ. මෙහි විශාල ඔසු උයනක්ද අතීතයේ සිටම වන අතර අද එය හෙක්ටයාර 22ක් පමණ වන තෙක් කුඩා වී ඇත.

13. යටගල හෙට්ඨාචර රජ මහා විහාරය. - ඉතාමත් පැරණි විහාරයකි. දේවානම්පියතිස් රජු විසින් ගෙනවිත් රෝපණය කරන ලද අෂ්ඨඵලරුහ බෝධිය තවමත් වේ. ගාලු දිසාවේ පූජා නගරයක් ලෙස ප්‍රථමයෙන්ම සංවර්ධනය කරන ලද විහාරය මෙය ලෙස සැළකේ.

14. උණවටුන දෙවොල් දෙවොල.- දෙවොල් දෙවියන් උදෙසා කරවන ලද්දකි. වසර 2000කට පමණ පෙර දෙවොල් දෙවියන් වැඩ සිට ඇතැයි සැළකෙන ශෛලමය ගල් ගුහාවද මෙහි දක්නට ලැ‍බේ.

15.කොග්ගල මර්ටින් වික්‍රමසිංහ ජනකලා කේන්ද්‍රය.- ලාංකික සාහිත්‍යයට විශාල මෙහෙයක් සිදු කළ මර්ටින් වික්‍රමසිංහයන්ට උපහාර ලෙස මෙය ඉදි කර නම් කර ඇත. එසේම මේ සමීපයේ මාර්ටින් වික්‍රමසිංහ කෟතුකාගාරය සහ මඩොල්දූව ද වේ.


බෙන්තොට - ඇල්පිටිය මාර්ගය


16. අඬා හැලෙන ඇල්ල.- ඇල්පිටිය පසු කර පිටුවල ගම්මානයට පිවිසි පසු බෙරලිය නම් මූකලාන තුළ තනිව හඬා වැටෙන්නේය යන ප්‍රවාදය නිසා මෙම අඬා හැලෙන ඇල්ල යන නාමය යෙදී ඇතිඉතා මනස්කාන්ත දිය ඇල්ලකි.

17. අම්බන ශ්‍රී රාහුල සංඝරාජ ඉදුරුගිරි ලෙන් විහාරය.- කහදූව ප්‍රදේශයේ නිසංසල පරිපරයක පිහිටා ඇති සිත් සන්සුන් කරවීමට සමත් ගල් ලෙනකි. මෙම ගල් ලෙනෙහි තොටගමු ශ්‍රී රාහුල හිමි ජීවිතයේ අවසාන කාලය වැඩ සිට ඇතැයි සැළකේ. උන් වහන්සේගේ බෙහෙත් ගැල් වූ ශ්‍රී දේහය පෘතුගීසින් විසින් රැගෙන යාමෙන් පසු ගෝවේ නගරයේ තවමත් තබා තිබෙන බව පැවසේ.

18. පිටිගල දිය කිතුල් කන්ද ආරණ්‍යය.- ඉතාමත් නස්කලංකව පිහිටා ඇති මෙම ධර්ම නිකේතනයේදී විවිධාකාර වූ ශාරීරික හා මානසික රෝගී තත්වයන්ට ප්‍රතිකාර සිදු කර සුව කිරීම පිළබඳ ප්‍රසිද්ධයක් උසුළයි.


ගාල්ල - උඩුගම මාර්ගය

19. හිනිදුම කල්වාරි කන්ද.- කිතුණු බැතිමතුන් සිය දහස් ගනනින් වන්දනාවේ යෙදන මෙම පූජා භූමිය මුහුදු මට්ටමේ සිට අඩි 900ක් උසින් ගිං ගඟ අසබඩ මෙය පිහිටා තිබේ.

20. පරගොඩ රජ මහා විහාරය.- අනුරාධපුර යුගයේ ඉදි වී ඇත්තකි. ගම්පෙරළිය නවකතාවේ පියල්. නන්දා ඇතුළු පිරිස නාමල් පුදන්නට ගිය චාරිකාවට පාදක වූ වෙහෙර වූකලී මෙහි තිබෙන වෙහෙර වේ.



උපුටා ගැනීම - https://en.wikipedia.org/wiki/Galle